ළමා කැළටත්... යොවුන් අයටත්... තම ළමා වියට ආදරය කරන වැඩිහිටියන්ටත්... ආරාධනා!

ළමා කැළටත්... යොවුන් අයටත්... තම ළමා වියට ආදරය කරන වැඩිහිටියන්ටත්... ආරාධනා!

Saturday, September 24, 2011

සොබා දම් දිනිතිය


ඇළේ දොළේ පීනන්නට වරම් ලැබුණ             දෝ
ගහේ වැලේ පූදින මල් දැකල තියේ                දෝ
කුරුලු නාද බඹර ගුමුව ඇහිල තියේ               දෝ
සොබා සිරිය විඳින්න හිත හිතල තියේ            දෝ
නෙතු පියන්න පුංචි පැංචි සවන් විවර              කර
ඇහෙන කුරුලු නදින් විඳිමු නවමු සුමුදු           සර
සොබා දහම් දිනිතිය ඔබ ළඟට ම වී                හිඳ
මිහිර මවයි හද පුරවා කවි සිතුවම්                   ඇඳ
නෙතු අරින්න පුංචි පැංචි චූටි මලක්                ළඟ
පෙති විහිදා සිනා සෙන්න සුවඳ පොදක්           විඳ
මලක මහිම කියා දේවි මුදු බව මුසු                 කර
නෙත ද මෙන් ම එසඳ පුංචි සිත ද ඔකඳ           කර

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...